විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ විශේෂ විගණනය අවසන් කර තිබෙනවා.
විගණකාධිපති දෙපාර්තමේන්තුව සදහන් කර තිබෙන්නේ, එම වාර්තාව සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට හා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කර ඇති බවයි.
එම නිරීක්ෂණ ලැබීමෙන් අනතුරුව විගනකාධිපති නිර්දේශ ද ඇතුළත් කොට වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කර ඇති බව සඳහන්.
පවතින විදේශ ගමන් බලපත්‍ර පොත් හිඟයට විසඳුම් ලබා දීමට කටයුතු කරමින් සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසා ඇති බව වැඩිදුරටත් සඳහන්.