/
/
title icon
මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට මැදියම් රැයෙන් අවසන්
මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට මැදියම් රැයෙන් අවසන්
Editor
3 months ago
Share:
මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට මැදියම් රැයෙන් අවසන්

එළඹෙන 14 වැනිදා පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට මැදියම් රැයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ ප්‍රචාරක කාර්යාලද 12 වැනිදා වනවිට ඉවත් කළ යුතු බවයි.

මේ අතර, 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,500 ඉක්මවා ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඊයේ දිනය තුළද ඔවුන්ට පැමිණිලි 232ක් ලැබී තිබෙනවා.

ඒ අනුව මැතිවරණයට අදාළව ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2,580ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කොමිසම පවසන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required