දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා පියවර ගැනීමට තමන් සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
වව්නියාවේ අද පැවති ජාතික ජන බලටව්ගයේ ජන රැලියට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, රජය පවරාගෙන ඇති උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් යළි පවරාදීම පිළිබඳවද සැලකිල්ලට භාජනය කර ඇති බවයි.
එසේම, මෙවර මැතිවරණයේදී ජාතික ජන බලවේගය පැහැදිලි ජයක් ලබාගන්නා බවද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.