/
/
title icon
අම්බලන්ගොඩ වෙඩි තැබීමක් - අඹුසැමි යුවලක් මරුට
අම්බලන්ගොඩ වෙඩි තැබීමක් - අඹුසැමි යුවලක් මරුට
Editor
3 months ago
Share:
අම්බලන්ගොඩ වෙඩි තැබීමක් - අඹුසැමි යුවලක් මරුට

අම්බලන්ගොඩ - ඌරවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් දෙදෙනාට තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. 

වෙඩි ප්‍රහාරයට ලක්වූ කාන්තාව සහ පිරිමි පුද්ගලයා එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර ඔවුන් අම්බලන්ගොඩ - කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි අඹුසැමි යුවළක්.

මෙම වෙඩි තැබීම T-56 වර්ගයේ ගිනි අවියකින් සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර, අඹුසැමි යුවල මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවටද තොරතුරු ලැබී තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required