/
/
title icon
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යවන ලාංකිකයින් ගැන අනතුරු අඟවීමක්
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යවන ලාංකිකයින් ගැන අනතුරු අඟවීමක්
Kavindi Yaggahavit
3 months ago
Share:
මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යවන ලාංකිකයින් ගැන අනතුරු අඟවීමක්

මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්, කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳ ජාතික කාර්ය සාධක බලකාය අනතුරු අඟවා තිබෙනවා.

තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ, ලැබී ඇති නවතම තොරතුරු අනුව දැනට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් කණ්ඩායම් වශයෙන් මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යැවීමට කටයුතු සිදු වෙමින් පවතින බවයි.

එම කඳවුරුවලට අලුතින් එක් වී ඇති ශ්‍රී ලංකික පුරවැසියන්ගේ සංඛ්‍යාත්මක ඉහළ යාමක් නිරීක්ෂණය වන බවට තොරතුරු ලැබී ඇතැයි  තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය සඳහන් කර තිබෙනවා.

එම බලකාය ජනතාවට දැනුම් දී ඇත්තේ, එවැනි සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව දැනුම් දීමට කටයුතු කරන ලෙසය.

ඒ අනුව  0112102570/ 076 844 7700 දුරකතන අංක හා [email protected] යන ඊමේල් ලිපිනය ඔස්සේ ඒ පිළිබඳ තොරතුරු යොමු කල හැකි බව වැඩිදුරටත් සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required