විදුලිය බිල අඩු කිරීම සම්බන්ධ නව යෝජනාවලිය ලබන සතියේ මහජන උපයෝගිතා කොමිසමට ලබාදෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසා තිබෙනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙන්නේ, මීට පෙර විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධ යෝජනා මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බවයි.
එහෙත් එම යෝජනාවලිය යළි සකස් කර පසුගිය 08 වැනි දා ඉදිරිපත් කරන්නැයි, මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.
එහිදී විදුලිබල මණ්ඩලය කොමිසමෙන් ඉල්ලා තිබෙන්නේ, ඒ සඳහා තවත් දින 14ක් ලබා දෙන ලෙසය. ඒ, ගණනය කිරීම් කිහිපයක් වෙනුවෙන් බව පැවසේ.
ඒ අනුව ලබන සතියේ නව විදුලි ගාස්තු සංශෝධිත යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් පවසා තිබෙනවා.