
හෙට(13) හා අනිද්දා(14) දිවයින පුරා පාසල්වලට නිවාඩු ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසා තිබෙනවා. ඒ,පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙනි.
අධ්‍යාපන අමාත්‍යංශය පවසා තිබෙන්නේ, මැතිවරණ කොමිෂන් සභාව කළ ඉල්ලීමකට අනුව නිවාඩු ලබා දීම සිදු කළ බවයි.
මේ අතර සියලු විශ්වවිද්‍යාල ද හෙට (13) සහ අනිද්දා (14) වසා තැබෙන බව පැවසේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය කපිල සෙනවිරත්න මහතා පවසා තිබෙන්නේ, ඊට අදාළ උපදෙස් සියලු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් වෙත යොමු කර ඇති බවයි.