/
/
title icon
උණුසුම් වූ ෆූජියාමා
උණුසුම් වූ ෆූජියාමා
Manjula Disanayaka
3 months ago
Share:
උණුසුම් වූ ෆූජියාමා

සොබාදහම  ලෝකයට විවිධ ස්වරූපය ආශ්චර්යයන් දායාද කර තිබෙනවා.එලෙස දායාද කරන ලද තවත් එක් ආශ්චර්යමත් සුන්දර ස්ථානයක් ලෙස ෆූජි කන්ද හඳුන්වා දිය හැකියි.මෙම කන්ද ජපානය හොන්සු දූපතේ පිහිටා  ඇති අතර ශිසුඔකා හා යමනශී යන ප්‍රාන්ත වලට මායිම් වන්නට පිහිටා තිබෙන කන්දකි.

ෆූජි-සන් හඳුන්වන ෆූජි කන්ද ශතවර්ශ ගණනාවක් පුරා ජපානයෙහි සංස්කෘතික හා ආධ්‍යාත්මික උරුමය සංකේතයකි.එය නිද්‍රාශීලී Stratovolcono  කඳු අතරින් එකක් වන  එය අවසන්වරට පුපුරා ගියේ 1707දීය.ෆූජියාමා  කන්ද පුපුර යාමෙන් අනතුරුව එහි භූ දර්ශනයෙහි සැලකිය යුතු ලෙස වෙනසක් ඇති කළ අතර මෙම කලාපය පුරාම අලු තැන්පත්වීමක් සිදුවිය.මේ සඳහා ෆූජි යන නම දීම පිළිබඳව සලකා බලන විට ජපන් වැසියන් විසින් වන්දනාමාන කළ fuchi ලෙස හඳුන්වන ගින්න හා සම්බන්ධ දෙවි කෙනෙකු සිහිකරමින් ලබා දුන් නමකි.

මෙම කන්ද ජපානයේ උසම සහ වඩාත්ම සංකේතාත්මක කඳු මුදුන වන අතර එහි උස මීටර් 3776 ක් වන අතර මෙහි විල් පහකින් ද සමන්විත වේ.ජපානයෙහි ස්වභාවික සුන්දරත්වය සංකේතවත් කරනු ලබන සංකේතය හඳුනාගත හැකියි.

ඓතිහාසික වශයෙන් ෆූජි කන්ද වන්දනා ස්ථානයක් ලෙස සහ ගෞරවනීය ස්වභාවික ස්මාරක් වේ.බෞද්ධයන් විසින් පූජනීය ස්ථානයක් ලෙස සලකා වන්දනාමාන කරනු ලබන ස්ථානයක් ලෙසද මෙම ෆූජි කන්ද හඳුන්වා දිය හැකියි.එහි සමමිතික හැඩය සහ හිමෙන් වැසුණු කදු මුදුන සංචාරකයන් ආකර්ෂණය කර ගන්නා තෝතැන්නක් වීම නිසාවෙන් මෙම කන්ද 2013 දී එහි සංස්කෘතික වටිනාකම සඳහා ලෝක උරුම අඩවියක් බවට පත් කරන ලදී.

ජූලි සිට සැප්තැම්බර් දක්වා වන කාලය හැර ෆූජියාමා කදු මුදුන සාමාන්‍යයෙන් වසරේ වැඩි කාලයක් හිමෙන් වැසී පවතී .කෙසේ වෙතත් වර්තමානය වන විට ගෝලීය දේශගුණික විපර්යාස හේතුවෙන් එහි හිම වැටීමේ රටාව වඩ වඩාත් අක්‍රමවත් වෙමින් පවතී. 2024 වර්ෂ වන විට වසර 130 කට  පසු ප්‍රථම වතාවට හිම පතනය ඉතා ප්‍රමාද වී පැමිණ ඇත. පළමු හිම පතනය සාමාන්‍යයෙන් ඔක්තෝම්බර් මස මුල් සතිය වන විට සිදුවන අතර මෙම වසරේ එය නොවැම්බර් මාසයේදී නිරීක්ෂණය විය.මෙම ප්‍රමාදයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ජපානයේ වාර්තාගත ග්‍රිෂ්ම උණුසුම සහ උණුසුම් සරත් ඍතුවේ උෂ්ණත්වයයි.ඔක්තෝම්බර් මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක  1.6 විය.එය 1932 න් පසු වාර්තා වූ ඉහළම උෂ්ණත්වය විය.

පාරිසරික බලපෑම

ගිනිකඳු පස සහ විවිධ උන්නතාංශ විවිධ ශාක වර්ධනයට දායක වේ. පහළ බැවුම්වල ජපන් රතු පයින් සහ ලාර්ච් වැනි විශේෂ සහිත සෞම්‍ය වනාන්තර ඇති අතර ඇල්පයින් ශාක ඉහළ ප්‍රදේශවල ආධිපත්‍යය දරයි.එසේම ෆූජා  කන්දේ පරිසර පද්ධති විවිධ පක්ෂීන් කෘමීන් සහ ක්ශීරපායින්ගේ  නිවහනක් වන අතර ජපන් සේරෝ සහ කළු වලසුන් වැනි දුර්ලභ සත්ත්ව විශේෂත ජීවත් වේ.එසේම සංක්‍රමණික පක්ෂීන් විවේක ස්ථානයක් ලෙසද මෙම කන්ද භාවිතා කරයි.

ෆූජියාමා  කඳුකරයෙහි සිදුරු සහිත ගිනිකඳු පාෂාණය ස්වභාවික ජලාශයක් ලෙස ක්‍රියා කරයි. මෙම ජලය උල්පත් ලෙස මතුවී අවට ප්‍රදේශවලට ජල සැපයුම ලබාදෙයි.එසේම කඳු මුදුනෙහි උතුරු ප්‍රදේශය පාමුල පිහිටා ඇති ෆූජි ෆයිව් විල් මෙම උල්පත් මගින් පෝෂණය වන අතර පොහොසත් ජලජ පරිසර පද්ධතියක් ගොඩනගා ඇත.

ජපානයෙහි ජල චක්‍රය සඳහා පූජාව කන්දෙහි හිම පතනය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. එහෙම දියවීම ගංගා සහ ජලාශ පෝෂණය කරන අතර කෘෂිකර්මාන්තය පරිසර පද්ධති සහ කලාපීය ජල සැපයුම සඳහා සුවිශේෂී කාර්යයක් ඉටු කරයි.

ජපානයෙහි වියලි මාස වලදී ජලය සැපයීම සඳහා හිම පියලි ඉතා වැදගත් වන අතර ඒවායේ අනපේක්ෂිත බව කලාපීය ජල සැපයුම අවස්ථාවර කළ හැකිබව බොහෝ දෙනෙකුගේ අදහසයි.

පරිසරවේදීන්ගේ අදහස්

පරිසරවේදීන් සහ දේශගුණ විද්‍යාඥයන් ෆූජියාමා  කන්දේ හිම රහිත තත්ත්වය පිළිබඳව විවිධ  අදහස් පළ කරනු ලබන අතර මෙලෙස ප්‍රමාද වූ හිම පතනය පුළුල් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බව ඔවුන් ප්‍රකාශ කරයි.

ෆූජි   කඳු මුදුනෙහි හිම රහිත ස්වභාවය දැඩි දේශගුණික අනතුරු ඇගේ ඇඟවීමක් ලෙස පරිසරවේදීන් සලකයි.එසේම බොහෝ පිරිස් තර්ක කරනු ලබන්නේ අනාගත පරම්පරාවල් සඳහා ෆූජි කන්ද වැනි සංකේතාත්මක භූමිය සංරක්ෂණය කිරීම සඳහා වඩාත් ඉක්මනින් ක්‍රියාමාර්ග අවශ්‍ය බවයි.

සංචාරක ආකර්ෂණය

ෆූජියාමා  කන්ද ජපන් සංචාරක හා සංස්කෘතියේ මූලික ගලක් වන අතර වාර්ෂිකව මිලියන ගණනක් නරඹන්නන් ආකර්ෂණය කරයි.සාමාන්‍යයෙන් ෆූජි කන්ද තරණය කිරීම සිදුකරන්නේ ජූලි හා අගෝස්තු අතර කාලයේදී වන අතර කඳු මුදුනේ තැන්පත් වූ හිම දිය වී ගොස් තිබීම නිසාවෙන් එය පහසු වේ.සාමාන්‍යයෙන් පැය හතරක් අටක් දක්වා කාලයක් ගතවන අතර බොහෝ දෙනෙකු රාත්‍රී කාලයේදී මෙම තරණය කිරීම සිදුකරන්නේ උදෑසන මංගල හිරු කිරණ දැක ගැනීමේ අපේක්ෂාවෙනි. කඳු නැගීම සඳහා පමණක් වසරකට ලක්ෂ තුනක් පමණ කඳු නගින්නන් මෙම කලාපයට පැමිණෙන බව වාර්තා වේ.ජුලි සිට සැප්තැම්බර් මුල දක්වා ෆූජි කන්ද ලොව පුරා කඳු නගින්නන් ආකර්ෂණය කර ගනු ලබයි.මෙම කඳු මුදුනෙහි පාමුල පිහිටා ඇති විල් වල බෝට්ටු පැදීම මසුන් ඇල්ලීම සහ කඳවුරු බැඳීම සඳහා ජනප්‍රිය වේ.

ස්වභාවික පරිසරයෙහි සුන්දරත්වය විඳීමට පැමිණෙන සංචාරකයන් පමණක් නොව සංස්කෘතික සහ ආගමික සංචාරය සඳහා පැමිණෙන සංචාරකයන් ගේද ප්‍රධාන සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙස පූජා මා කන්ද හඳුන්වා දිය හැකියි. ෆූජි  කන්ද ආශ්‍රිතව ඇති ආත්මය වෙනුවෙන් කැප වූ ඓතිහාසික ශින්ටෝ සිද්ධස්ථානය වැඳ පුදා ගැනීම සඳහා වසරකට සිය දහස් ගණනක්  සංචාරකයන් පැමිණෙන බව වාර්තාවේ.

මංජුලා දිසානායක.
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required