
රජයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නව දෙපාර්තමේන්තුවක් පිහිටුවා එහි ප්‍රධානත්වය ඊලොන් මස්ක් ට ලබාදීමට මීළඟ අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා.
එම නව දෙපාර්තමේන්තුව නම් කර ඇත්තේ "Department of Government Efficiency" යනුවෙනි.
ටෙස්ලා සහ ස්පේස් X සමාගම්වල ප්‍රධාන විධායකයා වන ඊලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා වෙයි.
ඔහු සතු ධනයේ වටිනාකම ඩොලර් බිලියන 263ක් ලෙස සඳහන් වෙයි.