/
/
title icon
වසර 27කට පසු ඝාතන අධිචෝදනා ලද දෙදෙනෙක් නිදොස්කොට නිදහස්
වසර 27කට පසු ඝාතන අධිචෝදනා ලද දෙදෙනෙක් නිදොස්කොට නිදහස්
Uresha Perera
3 months ago
Share:
වසර 27කට පසු ඝාතන අධිචෝදනා ලද දෙදෙනෙක්  නිදොස්කොට නිදහස්

මීට වසර 27කට පෙර රාජාංගණ යේදී පුද්ගලයකු ඝාතනය කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවන් දෙදෙනකු එකී චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස උතුරු මැද පළාත්බද පූර්වගාමි මහාධිකරණ විනිසුරු සහ කුලියාපිටිය වත්මන් මහාධිකරණ විනිසුරු මනොජ් තල්ගොඩපිටිය මහතා නියෝග කළා.

මෙසේ නිදොස් කොට නිදහස් කළේ රාජංගණයේ පදිංචිකරුවන් වන දැදිගමගේ ප්‍රේමසිරි නොහොත් උක්කුවා සහ කේ. වසන්ත කුමාර නොහොත් කේ. වසන්ත නමැති විත්තිකරුවන්ය. 

1997 ඔක්තෝබර් 29 දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බලප්‍රදේශයට අයත් රාජාංගණයේදී විත්තිකරුවන් මේ වරද සිදුකර ඇති බවට නීතිපතිවරා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය ප්‍රකාරව ඔවුන්ට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරනු ලැබ තිබෙනවා.

විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත්ව ඇති බැවින් චුදිතයන් නිදොස් කොට නිදහස් කරන බව මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් අනුරාධපුර මහාධිකරණයේ රජයේ අධිනීතිඥවරයා පෙනී සිටි අතර, විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ දර්ශන කුරුප්පු මහතා පෙනී සිටියේය.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required