
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද ඒ්කක 136.20කින් ඉහළ ගියා.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 13,000 සීමාව ඉක්මවා යෑම විශේෂත්වයක්.
මීට පෙර එම අගය වාර්තා කළේ 2022 ජනවාරි 31 වැනිදායී.
අද දිනය නිමා වනවිට සියලු කොටස් මිල දර්ශකය ඒකක 13,125.19ක් ලෙස සටහන් වුණා.
දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 6.9ක්.