
හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වනපරිදි තම ආයතනවල සේවකයින්ට නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස පෞද්ගලික අංශයේ ප්‍රධානීන් වෙත නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ඒ පිළිබඳව පැහැදිලි කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ බණ්ඩාර මහතා පැවසුවේ, මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සහ අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඡන්දහිමි සියලුම රටවැසියන්ගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කිරීමට හැකි ඔවුන්ගේ ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවය.
එමෙන්ම මෙවර ඡන්දයහිමි සියලුම උසස් පෙළ සිසුන්ට ද ඔවුන්ගේ ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා දියයුතු බවත් ඒ සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරු සැලකිලිමත් වියයුතු බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළා.