/
/
title icon
ආරුගම්බේට පැනවූ සංචාරක සීමාව අමෙරිකාව ඉවත්කර ගනී
ආරුගම්බේට පැනවූ සංචාරක සීමාව අමෙරිකාව ඉවත්කර ගනී
Editor
3 months ago
Share:
ආරුගම්බේට පැනවූ සංචාරක සීමාව අමෙරිකාව ඉවත්කර ගනී

ආරුගම්බේ ප්‍රදේශය සඳහා පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කළ බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළා.

ආරුගම්බේ හිදී ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ලවෙතැයි ලැබුණු බුද්ධි වාර්තා පදනම් කරගනිමින් පසුගිය ඔක්තෝබර් 23 වැනිදා අමෙරිකානු තානාපති කාර්යාලය මගින් අදාළ සංචාරක සීමාවන් පනවනු ලැබුවා.

කෙසේ වෙතත්, එම සීමාවන් මේ වනවිට ඉවත්කර ඇති බැවින් ශ්‍රී ලංකාව සඳහා වූ සිය සංචාරක උපදේශනය යාවත්කාලීන කරන බවද අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required