/
/
title icon
දඹාන ආදිවාසීන් ඡන්ද මධ්‍යස්ථානයේදී ගැටලුකාරී තත්ත්වයක
දඹාන ආදිවාසීන් ඡන්ද මධ්‍යස්ථානයේදී ගැටලුකාරී තත්ත්වයක
Wasana Wickramasingha
3 months ago
Share:
දඹාන ආදිවාසීන් ඡන්ද මධ්‍යස්ථානයේදී ගැටලුකාරී තත්ත්වයක

අද පෙරවරුවේ දඹාන කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි ආදිවාසී උප නායකයා ඇතුළු පවුලේ පිරිස ඡන්දය ලබාදීමෙන් වැළකී සිට තිබෙනවා.

එයට හේතු වී ඇත්තේ උප නායකයා ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවයක් වන කෙටේරිය කර මත තබා ගනිමින් ඡන්ද මධ්‍යස්ථානයට පැමිණීම නිසාවෙන් ඇති වූ ගැටලුකාරී තත්ත්වයයි.

මෙම තත්ත්වය හේතුවෙන් කනස්සල්ලට පත් උප නායකයා ඇතුළු පවුලේ පිරිස ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇති අතර එම ස්ථානයට පැමිණි ආදිවාසි නායකයා අදාළ සිද්ධිය පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වා තිබෙනවා.

ඔහු එහිදී ප්‍රකාශ කර  සිටියේ ආදිවාසීන්ගේ අයිතිවාසිකම් හා ආදිවාසී සංස්කෘතිය පිළිබඳව නොදන්නා නිලධාරීන් මෙවන් ස්ථානවල රාජකාරි සඳහා යෙදවීමෙන් වළකින ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.

එසේම, මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි ලෙස අප්‍රසාදය පළ කරන බව ද ආදිවාසී නායකයා ප්‍රකාශ කර තිබෙනවා.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required