2024 මහ මැතිවරණයේ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අද (14) දිනයේ පුද්ගලයින් 41 දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා පවසා තිබෙනවා.
මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.
ඒ අතර, කල්පිටිය සහ වව්නියාව යන ප්‍රදේශ වලදී අත්අඩංගුවට ගත් අපේක්ෂකයන් දෙදෙනෙක් ද සිටින බවත් මෙම පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් ප්‍රධාන වශයෙන් නීතිවිරෝධි ලෙස මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකර ඇති බවත් ඒ මහතා පවසා තිබෙනවා.