දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ ඇති විය හැකි වැසි තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන ලෙස දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වැඩිදුරටත් කියා සිටින්නේ තවමත් ඡන්දය ප්‍රකාශ නොකළ ජනතාව වැසි ඇතිවීමට පෙර ඡන්දය භාවිතා කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණෙන ලෙසටයි.
කෙසේ වෙතත් මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් යහපත් මට්ටමක පවතින බව ද ඔවුන් වැඩිදුරටත් පවසනවා.
මේ අතර ඡන්ද විමසීම් කටයුතු ප.ව. 4.00 ට අවසන් වන අතර තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ප.ව. 4.15ට ආරම්භ කිරීමට නියමිතව පවතිනවා.