2024 මහ මැතිවරණයේ ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව පෙරමුණ ගැනීමට ජාතික ජන බලවේගය සමත් වී තිබෙනවා.
ඒ අනුව ඔවුන් ඡන්ද 32,296ක් ලබාගෙන ඇති අතර, සමගි ජන බලවේගය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 3,523ක්.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ඡන්ද 1,964 ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 1,846 ක් ලබාගෙන තිබෙනවා.
පසුගිය ජනාධිපතිවරණයේදී ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය ලබාගත්තේ ඡන්ද 25,892ක් පමණයි.