/
/
title icon
මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹෙයි
මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹෙයි
Editor
3 months ago
Share:
මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹෙයි

10 වන පාර්ලිමේන්තුවට සභිකයින් තෝරාපත් කරගැනීම සඳහා පැවැත්වෙන 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු අද පෙරවරු 7.00ට ආරම්භ කෙරුණා.

ඒ අනුව අද උදෑසන 7 සිට පස්වරු 04 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්දදායකයින්ට සිය ඡන්දය භාවිත කළ හැකියි. 

ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය සදහා ඡන්දදායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතර දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා. 

මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතරින් වැඩිම ඡන්ද දායකයින් සහිත දිස්ත්‍රික්කය බවට ගම්පහ දිස්ත්‍රික්කය පත්ව ඇති අතර එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව දහ අට ලක්ෂ 81,129 ක්.

කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව දහහත් ලක්ෂ 65,351 ක් වනවා.

අඩුම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි වී ඇති අතර එම සංඛ්‍යාව තුන් ලක්ෂ 6081ක්.

මේ අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2034 කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතව ඇති අතර, මැතිවරණ කොමිසම පැවසුවේ පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required