
ශ්‍රි ලංකන් ගුවන් සේවයට නව ගුවන් යානයක් මිලදී ගැනීමේදී සිදුව ඇති බවට පැවසෙන වංචා සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවට අදාළ නීතිපති උපදෙස් ලබා ගැනිම සදහා ලබන වසරේ අප්‍රේල් මස 02 වනදා නඩුව යළි කැදවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළා.
ඒ ඊට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත්වරිය හමුවේ කැද වූ අවස්ථාවේදීයි.
එහිදී අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ නඩුව විවෘත අධිකරණයේ කැද වූ අවස්ථාවේදී නීතිපති උපදෙස් ලැබී නොමැති බවයි.
මේ අතර, විමර්ශන වලට අදාළව ඇප මත මුදා හැර සිටින ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිද ඊයේ විවෘත අධිකරණයේ පෙනී සිටියා.