/
/
title icon ජනපති ඡන්දය ප්‍රකාශ කරයි
ජනපති ඡන්දය ප්‍රකාශ කරයි
Kavindi Yaggahavit
1 week ago
Share:
ජනපති ඡන්දය ප්‍රකාශ කරයි

ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ, 2024 මහ මැතිවරණයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  මරදාන පංචිකාවත්ත අබේසිංහාරාමයේදී අද (14) පෙරවරුවේ සිය ඡන්දය  ප්‍රකාශ   කර තිබෙනවා.

සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයට ශක්තිමත් පාර්ලිමේන්තු නියෝජනයක් ලැබෙනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බව සඳහන් කර තිබෙනවා.

ජනතාවාදී අණ පනත් සම්මත කළ හැකි ශක්තිමත් පාර්ලිමේන්තුවක්  ගොඩ නැඟීම තුළින් මේ රට නව දේශපාලන සංස්කෘතියක් සහිතව ඉදිරියට ගෙන යා හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇති බව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසා තිබෙනවා.

උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර  යන සියළු පළාත් එකතු කරන දේශපාලන සංස්කෘතියක් ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ ඇති  කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටි බව එම නිවේදනයේ සදහන්.

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මේ රට තුළ ඇති කළ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඉදිරියේ පැවැත්වෙන සියළු මැතිවරණවලදීත් ජනතාව අපේක්ෂා කරන බවද මැතිවරණ ඉතිහාසයේ සාමකාමී මැතිවරණ ව්‍යාපාරය ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ ජනතාව අත්විඳි බව ද පැවසූ ජනාධිපතිවරයා එය මෙරට දේශපාලන සංස්කෘතිය බවට පත්විය යුතු බව ද ප්‍රකාශ කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required