/
/
title icon මුල් පැය කිහිපය තුළ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 30% ඉක්මවයි
මුල් පැය කිහිපය තුළ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 30% ඉක්මවයි
Wasana Wickramasingha
1 week ago
Share:
මුල් පැය කිහිපය තුළ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 30% ඉක්මවයි

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ මුල් පැය කිහිපය තුළ දිවයිනේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 30% ඉක්මවා තිබෙනවා.

මෙවර මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,888 ක සංඛ්‍යාවක් තරග කරන අතර ඒ අතරින්, අපේක්ෂකයින් 5,006ක් පිළිගත් පක්ෂවලින් ඉදිරිපත් වී සිටිනවා.

එසේම ස්වාධීන අපේක්ෂකයින් සංඛ්‍යාව 3, 346 ක් වන අතර ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කර ගන්නා මන්ත්‍රීවරු 29 දෙනා සඳහා අපේක්ෂකයින් 536 ක් ඉදිරිපත්ව සිටිනවා.

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අද පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,314කදී පැවැත්වෙනවා.

ඡන්ද ගණනය කිරීමේදී , තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 4.15ට ආරම්භ කිරීමට නියමිත අතර සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම පස්වරු 7.15ට පමණ ආරම්භ කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

එසේම මහ මැතිවරණයේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10 පමණ වන විට ලබාදිය හැකි බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required