
ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු කළ නිලධාරීන් දෙදෙනෙකු, හදිසි අසනීප තත්ත්ව හේතුවෙන් මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ කෑස්බෑව ඡන්ද මධ්‍යස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ අයෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි.
ඇය වයස අවුරුදු 48 ක් වන පයාගල ප්‍රදේශයේ පදිංචිකාරියක් වනවා.
එමෙන්ම, කොබෙයිගනේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක කාර්ය මණ්ඩලයේ සේවය කළ වයස අවුරුදු 57 ක පුද්ගලයෙකු ද හදිසි අසනීප තත්ත්වයක් නිසා මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.