/
/
title icon පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
Kavindi Yaggahavit
1 week ago
Share:
පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම පස්වරු 4ට අවසන් වී තිබෙනවා.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද විමසීම අද (14) පෙරවරු 7ට ආරම්භ කෙරුණි.

ඒ අනුව අද දිනයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු සමස්ථයක් ලෙස සාමකාමීව සිදුවු බව මැතිවරණ කොමිෂන් සභාව පවසා තිබෙනවා.

ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු ඡන්ද මධ්‍යස්ථානවල සිට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට නියමිත බව සදහන්.

ඡන්දය ගණන් කිරීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,034ක් ස්ථාපිත කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා ඇති බව සඳහන්.

පළමුව තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුකෙරෙන අතර එම කටයුතු පස්වරු 5ට පමණ වන විට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා තිබෙනවා.

පළමු නිල ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10 පමණ වන විට නිකුත් කිරීමට හැකි වනු ඇතැයි ඔහු පවසා ඇති බව වැඩිදුරටත් සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required