මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලද විශිෂ්ට ජයග්‍රහණයට සුබ පැතීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ජනධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබෙනවා.
ඒ පිළිබඳ එක්ස් අවකාශයේ සටහනක් තබමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, අසල්වැසි ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් ලෙස ඉන්දියාව ජාතික ජන බලවේගය ලැබූ ජන වරමට සුබපතන බවත් දෙරටේ ජනතාවගේ සුබසෙත උදෙසා ද්වීපාර්ශ්වික සබඳතා තව දුරටත් ශක්තිමත් කරලීමට කැප වී සිටින බවත් ය.