/
/
title icon අග්‍රාමාත්‍ය හරිනිගේ ඓතිහාසික වාර්තාව ඇමති විජිත අලුත් කරයි
අග්‍රාමාත්‍ය හරිනිගේ ඓතිහාසික වාර්තාව ඇමති විජිත අලුත් කරයි
Presila Sandaruwani
5 days ago
Share:
අග්‍රාමාත්‍ය හරිනිගේ ඓතිහාසික වාර්තාව ඇමති විජිත අලුත් කරයි

2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ විජිත හේරත් මහතා මනාප ඡන්ද 716,715ක් ලබා ගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබෙනවා.

එය මෙවර මැතිවරණයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩි ම මනාප සංඛ්‍යාව වන අතර ලංකා ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩි ම මනාප සංඛ්‍යාව ද වෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 16ක් හිමි වුණා.

මීට පෙර කොළඹ දිස්ත්‍රික්කයේ මනාප නිකුත් කර තිබූ අතර ඒ වන විට වැඩි ම මනාප ලබා ගත් අපේක්ෂකයා බවට පත්ව තිබුණේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයට ආසන 14ක් හිමි වු අතර ඉන් වැඩි ම මනාප ඡන්ද සංඛ්‍යාව ලෙස ඇය මනාප සංඛ්‍යාව 655,289ක් හිමි කර ගෙන තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required