2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබා ගනිමින් කොළඹ දිස්ත්රික්කයේ පළමුවැනියා වී තිබෙනවා.
මෙම මනාප ගණන මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ එක් මන්ත්රී ධුර අපේක්ෂකයෙකු ලබාගත් වැඩි ම මනාප ගණන ලෙස ඉතිහාස ගත වනවා.
මීට පෙර වැඩි ම මනාප ඡන්ද ගණනක් ලබා ගෙන තිබූ මන්ත්රි ධුර අපේක්ෂකයා වූයේ මහින්ද රාජපක්ෂ මහතායි.
ඔහු 2020 වසරේ දී කුරුණෑගල දිස්ත්රික්කයෙන් මහ මැතිවරණයට තරග කරමින් මනාප 527,364ක් ලබාගත්තා.