/
/
title icon ජාතික ජන බලවේගය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවයි
ජාතික ජන බලවේගය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවයි
Presila Sandaruwani
1 week ago
Share:
ජාතික ජන බලවේගය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවයි

නිමාවූ මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගත් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කර සිටිනවා.

පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන මුලස්ථානයේ දී මාධ්‍ය අමතමින් ඒ මහතා පැවසුවේ සමානුපාතික ඡන්ද ක්‍රමය මෙරට හඳුන්වා දීමෙන් අනතුරුව එක් දේශපාලන පක්ෂයක් ලබාගත් වැඩි ම ආසන සංඛ්‍යාව ලෙස මෙය ඉතිහාස වන බවයි.

ආසන 225කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 159ක් දිනා ගැනීමට ජාතික ජන බලවේගය සමත් වූවා.

ලැබූ ජයග්‍රහණය පිටුපස සිටින සෑම අයෙකුට ම සිය පක්ෂය වෙනුවෙන් ස්තූතිය පුදකරන බව ද ඒ මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටියා.

"අපිට ලැබුණ ජයග්‍රහණයේ බර අපි තේරුම් අරගනෙ ඉන්නේ. අපි කෙරෙහි ජනතාව ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ. අපිට ඒක රකින්න වෙනවා. රටේ ප්‍රබල දේශපාලන පක්ෂ පරාජය කරලා තමයි අපිට මේ ජයග්‍රහණය ලැබුණේ. පැරණි දේශපාලනය අවසන්. පැරණි යුගය අවසන්. ජනතාව ඒ යුගය නිමා කළා. වරප්‍රසාද සහිත, පවුල් පාලනය සහිත ඒ දේශපාලනය දැන් ඉවරයි. පොදු ජනයා අපේ භාවිතය තේරුම් අරගෙන ලබා දුන්න ජයග්‍රහණයක් මේක. අභියෝග දිනන්න මිසක් අපි මේ බලය පාවිච්චි කරන්නේ නෑ."

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required