/
/
title icon
ධවල මන්දිරේ මාධ්‍ය ලේකම් තනතුරට 27 හැවිදිරි තරුණියක්
ධවල මන්දිරේ මාධ්‍ය ලේකම් තනතුරට 27 හැවිදිරි තරුණියක්
Presila Sandaruwani
3 months ago
Share:
ධවල මන්දිරේ මාධ්‍ය ලේකම් තනතුරට 27 හැවිදිරි තරුණියක්

අමෙරිකානු නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධූරය සඳහා 27 හැවිරිදි කැරොලින් ලීවිට් පත් කර තිබෙනවා.

ඒ අනුව අමෙරිකානු ඉතිහාසයේ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධූරයට පත් කළ ළාබාල ම කාන්තාව ඇයවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දක්ෂ සන්නිවේදන හැකියාවක් සහිත කැරොලීන් දැඩි කැපවීමකින් ධුරයේ කටයුතු සිදු කරනු ඇති බවට තමා අපේක්ෂා කරන බව ට්‍රම්ප් නව පත්කිරීම සිදු කරමින් සඳහන් කර තිබෙනවා.

සන්නිවේදන හා දේශපාලන විද්‍යාව හදාරන්නියක වන කැරොලින් ලීවිට් ට්‍රම්ප් ජනාධිපති ධුරය දැරූ 2019 වසරේ දී ද ධවල මන්දිරයේ මාධ්‍ය කාර්යාලයට අනුයුක්තව සේවය කර තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required