
10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 2024 නොවැම්බර් 21වන දින පස්වරු 3:00ට ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතයි.
පාර්ලිමේන්තුවේ සභා වාරයක් ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරිමටත්, පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත් ජනාධිපතිවරයාට බලතල හිමි වී තිබෙතන බව පාර්ලිමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව, පාර්ලිමේන්තුවේ සෑම නව සභා වාරයක් ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබයි.
මෙහි දී සිය ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කරනු ඇත.
අතීතයේ මෙය හඳුන්වනු ලැබුවේ රාජාසන කථාව නමින්.
මේ පිළිබඳ විශේෂ මාධ්‍ය නිවේදනය පහතින්
