පසුගිය දිනවල ලෝකයේ විශාල කතා බහකට කල් වූ මෙන් ම අවධානයකට ලක් වූ 2024 ඇමරිකා එක්සත් ජනපද ජනාධිපත්වරණය පිළිබඳව මීට පෙර ලිපියෙන් තොරතුරු ගෙන ආ අතර මෙම ලිපියෙන් ගෙන එන්නේ ඩොනල් ට්‍රම්ප් හා කමලා හැරිස් යන 2024 ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ ප්‍රධාන අපේක්ෂ්කයින් දෙපළගේ දේශපාලන ව්‍යාපාරයන් සංවිධානය වී තිබූ ආකාරය පිළිබඳවයි.
ඩොනල් ට්‍රම්ප්ගේ ප්‍රචාරණ ව්‍යාපාරය
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 මැතිවරණ ව්‍යාපාරය සනිටුහන් වන්නේ විරෝධතා, මතභේද එකතුවකිනි. 2024 ජනාධිපතිවරණයේ ට්‍රම්ප්ගේ වේදිකාවේ හරය වූයේ ආර්ථික පුනර්ජීවනය, දැඩි සංක්‍රමණ පාලනය සහ නීතිය හා සාමය සඳහා කැපවීම හරහා ඇමරිකානු ශ්‍රේෂ්ඨත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීමයි. ඔහු දේශපාලන වේදිකා මත පෙන්වා දුන්නේ එක්සත් ජනපදයට විදේශීය සහ දේශීය විරුද්ධවාදීන්ට මුහුණ දීමට බිය නොවන සහ අන් සියල්ලට ම වඩා ඇමරිකානු අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන නායකයෙකු අවශ්‍ය බවයි. ට්‍රම්ප් ජාතියේ ආර්ථික සමෘද්ධියට සහ ගෝලීය ස්ථාවරයට හානි කරන ලෙස සලකන ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරමින් "ඇමරිකාවට මුල් තැන දීම" වැදගත් බව අවධාරණය කරනු ලැබුවේ ය.
ට්‍රම්ප් ආර්ථික ප්‍රතිපත්ති, බදු අඩු කිරීම්, නියාමනය ඉවත් කිරීම සහ ඇමරිකානු නිෂ්පාදන ප්‍රවර්ධනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කළේ ය. ආර්ථිකය නංවාලීම, රැකියා උත්පාදනය කිරීම සහ විරැකියාව අඩු කිරීම සඳහා ඔහුගේ සාර්ථකත්වය පිළිබඳ සාක්ෂියක් ලෙස ඔහු බොහෝ විට ඔහුගේ පළමු අත්දැකීම්හි සාර්ථකත්වය පෙන්වා දුන්නේ ය. ඔහු බලශක්ති ස්වාධීනත්වය, නිෂ්පාදන රැකියා නැවත ගෙන ඒම සහ නාස්තිකාර රජයේ වියදම් කපා හැරීම කෙරෙහි ද තව දුරටත් සිය අවධානය දක්වා තිබුණි.
ඔහු ඕනෑවට වඩා ලිහිල් ලෙස සලකන බයිඩ්න් පරිපාලනයේ සංක්‍රමණ ප්‍රතිපත්ති නිතර විවේචනය කර ඇති අතර ඔහුගේ පළමු ධූර කාලය තුළ ඔහු ආරම්භ කළ මායිම් තාප්පය ඉදිකිරීම සම්පූර්ණ කිරීමට පොරොන්දු විය. ජෝ බයිඩින්ගේ පාලනයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට එම තත්ත්වයෙන් ගැලවීමට සිටි එක ම පුද්ගලයා ට්‍රම්ප් බව ඔහු අවධාරණය කළේ ය. ඔහුගේ දේශපාලන ව්‍යාපාරයේ ප්‍රබල සටන් පාඨය වශයෙන් " පළමුව ඇමරිකාව " යන සංකල්පය ගෙන එන ලදී. ඒ හරහා තම රටවැසියා ඒකරාශි වන බව ඔහු හොදින් දැන සිටියේය.
කෙසේ නමුත් තමන්ට ඉතා අවාසිසහගත රිපබ්ලිකන් කලාපයට නැවත ඇතුළු වූ ට්‍රම්ප් කෙමෙන් කෙමෙන් ඉදිරියට එන්නට විය. ට්‍රම්ප් ඉදිරි ජනාධිපතිවරණය සඳහා වූ තම ප්‍රචාරණ ව්‍යාපාරය නිල වශයෙන් ආරම්හ කළේ 2022 නොවැම්බර් 22 දින ය. ඒ ෆ්ලොරිඩාවේ පිහිටි තම වතුයායේ දී ආධාරකරුවන් ඉදිරියේ පැයක කතාවක් පවත්වමිනි. “ඇමෙරිකාව නැවත ගොඩනඟමු.” (Make America Great Again) නමින් වූ තම සුපුරුදු ආදර්ශ පාඨය ම නැවත කරළියට ගෙන ඒමට ට්‍රම්ප් කටයුතු කළේ ය. නීතිවිරෝධී රැකියා අවස්ථා සහ මහජන ආරක්ෂාව අඩාල කරන බවට තර්ක කරමින් ට්‍රම්ප් තමන් ඇමරිකානු කම්කරුවන්ගේ ආරක්ෂකයා ලෙස ප්‍රකට වී තිබේ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු මැතිවරණ ප්‍රචාරණ රැළිය ජුනි 19 වනදා ඔක්ලොහොමාහි දී පැවැත්වීමට කටයුතු කළේ ය.
ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්තිය ද ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ තීරණාත්මක අංග වේ. ශක්තිමත් මිලිටරි ආරක්‍ෂාව සහ ගෝලීය කටයුතුවල දී වඩාත් ස්ථීර ආස්ථානයක් වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු නැවත නැවතත් තම “පළමු ඇමරිකාව”යන ප්‍රවේශය අවධාරණය කළේ ය. කෙසේ වෙතත්, ඔහුගේ විවේචකයින් ඔහුට චෝදනා කළේ ඔහු එක්සත් ජනපදය එහි හුදකලා කරනු ඇති බවයි. එසේ වුව ද, ට්‍රම්ප් සිය ස්ථාවරය පවත්වා ගෙන යන්නේ බයිඩ්න් සමයේ එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති අසාර්ථක වී ඇති බවත්, ඔහුට පමණක් ලෝකයේ ඇමරිකානු නායකත්වය ප්‍රතිෂ්ඨාපනය කළ හැකි බවත් අවධාරණය කරමිනි.
බයිඩන් මහතාට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප් ශක්තිමත් අපේක්ෂකයෙකු බවට කරුණු පෙළ ගැසෙන්නට විය. දෙදෙනා අතර තිබූ පළමු ජනාධිපතිවරණ විවාදයේ දී හිටපු ජනාධිපති බයිඩන් නිරුත්තර කිරීමට ට්‍රම්ප්ට හැකි විය. එකී විවාදයේ දී දැක්වූ අසාර්ථකත්වය නිසා ම වෙනත් අපේක්ෂකයෙකුට ඉඩ දී පසුපසට වන ලෙස ඩිමොක්‍රටික් පක්ෂයෙන්ම බයිඩන්ට බලපෑම් එල්ල වූ බව සඳන් වේ.
ට්‍රම්ප් මැතිවරණ රැළියක සිටින අතරතුර ඔහුට එල්ලවන වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් ඔහුගේ එක් කනක් තුවාලයකට ලක් වූයේ ය. එවිට ඔහු පහත් වී තම දිවි බේරා ගත් අතර ආරක්ෂක භටයන්ගේ උපකාර ඇතිව ඔහු එතනින් පිටත්ව යාමට පෙර තම අත මිට මොලවා ඉහළට එසවී ය. එයින් හැඟී යන්නේ එසේ සිදු වන ජීවීත තර්ජන හමුවේ හෝ තම දේශපාලන ව්‍යාපාරය ඔහු කිසිවිටෙකත් නොනවත් වන බවයි. ඝාතන ප්‍රයත්නයෙන් පසු දින යෙදී තිබුණු රිපබ්ලිකන් ජාතික සම්මේලනයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප්ට වීරයකුට මෙන් පිළිගැනීමක් ලැබුණි. තුවාල වූ කන වෙලුම් පටියකින් ආවරණය කර ගෙන ට්‍රම්ප් මහතා වේදිකාවට පැමිණෙද්දී ආරම්භ වූ අත්පොලසන් නාදය බොහෝ වේලාවක් පැවතුණි. මෙය ට්‍රම්ප්වාදීන්ට ඉතාමත් සංවේදී මෙන්ම සන්දර්ශනාත්මක අවස්ථාවක් විය. ජනප්‍රිය ගායකයෙකු වූ ලී ග්‍රීන්වුඩ් විසින් “God Bless the USA” ගීතය ගායනා කරන විට සම්මේලනය පැවැති ගෘහස්ථ ක්‍රීඩාංගනය ඔල්වරසන් හඬින් ගිගුම් දුනි. ට්‍රම්ප් යනු ස්වභාවයෙන්ම ආන්දෝලනාත්මක දේශපාලනඥයෙකි. තමන්ට එල්ල වී තිබූ පෞද්ගලික චෝදනා නීතිය ඉදිරියේ තහවුරු වෙද්දී පවා ඔහු නොසැලී සිටියා පමණක් නොව ඒවා තම වාසියට හරවා ගැනීමට කටයුතු කළේ ය. අතිදක්ෂ ව්‍යාපාරිකයකු වන ට්‍රම්ප් ඍණාත්මක ප්‍රචාරණයේන් (Negative marketing) දේශපාලනයට පැමිණියෙකි. මෙම සිදුවීමත් සමඟ ඔහුගේ සටන් බිම ඉතා පැහැදිලි විය. අසීරු දේශපාලන බාධක ගණනාවක් ජයග්‍රහණය කළ මේ උපායශීලී දේශපාලනඥයාට තමන්ගේ කන ළඟින් ගිය වෙඩි උණ්ඩය දේවාශිර්වාදයක් කර ගැනීම ඉතාමත් පහසු කාර්යයක් විය.
කෙසේ වෙතත්, ඔහුගේ බෙදුම්වාදී ප්‍රවේශය සහ ඔහුගේ අතීත හැසිරීම වටා පවතින නීතිමය සටන්, මැතිවරණයට පෙර මාසවල දී ඔහුගේ අපේක්ෂකත්වයේ අනන්‍යතාවය සහ ඉලක්ක ප්‍රතිඵලය හැඩගස්වමින් තම දේශපාලන ප්‍රචාරණ කටයුතුවල දී තමා කොපමණ වයස පුද්ගලයෙකු වූවත් කිසි දේකට නොසැලෙන බව තම රටේ ජනතාවට නිතර නිතර ඒත්තු ගැන්වීමට උත්සහ ගෙන තිබේ. ඒ හේතුවෙන් ඔහු මේ සියල්ලගේ ප්‍රතිඵලයක් ලෙස 2024 ඇමරිකා ජනාධිපතිවරණයේ ජනාධිපති ලෙසට පත්විය.
කමලා හැරිස්ගේ ප්‍රචාරණ ව්‍යාපාරය
2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ ප්‍රධාන අපේක්ෂිකාවක් වූයේ කමලා හැරිස් ය. ඇය ඩොනල්ඩ් ට්‍රම්ප් හා තියුණු ලෙස තරඟ කළ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනාධිපති ධූරය සඳහා සුදුසුකම් ලැබීම සඳහා කමලා හැරිස්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සමඟ කරට කර තරඟ වැදීමට සිදු විය. කමලා හැරිස්ට ජනාධිපති ධුරය දක්වා ගමන් කිරීමට ජනතා මනාපය නොලැබුණ ද ඇයගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඉතාම සාර්ථක එකකි. ඇයගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය දියත් කරන ලද්දේ 2024 ජුලි 21වන දිනයි. ජනාධිපතිව සිටි ජෝ බයිඩ්න් තරඟයෙන් ඉවත් වී ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස කමලා හැරිස් අනුමත කරන ලදී. මෙම ප්‍රචාරක ව්‍යාපාරය සුවිශේෂී වන්නේ එරට ඉතිහාසයේ කෙටි ම ජනාධිපතිවරණ ව්‍යාපාරය ලෙසයි. එය පැවතියේ දින 107ක් පමණි.
මීට පෙර ජෝබයිඩ්න් යටතේ පළමු කාන්තා උප සභාපති ලෙස සේවය කළ හැරීස් ගබ්සා කිරීමේ අයිතිවාසිකම්, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් නීති සම්පාදනය සහ දැඩි තුවකු පාලනය ආදී වූ ප්‍රතිපත්ති සඳහා සහාය ලබා දුන් අතර ජෝබයිඩ්න්ගේ පරිපාලනය තුළ පැවැති බොහෝ ප්‍රතිපත්ති අනුගමනය කළා ය.
කෙසේ වෙතත් ඇය ඖෂධ, ළමා බදු ණය පාලනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම මගින් වඩාත් ජනප්‍රිය ආර්ථික න්‍යාය පත්‍රයක් හඳුන්වා දීම සිදු කළාය. හැරිස්ගේ දේශපාලන වේදිකාව පුළුල්ව ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රගතිශීලි වටිනාකම්වලට අනුකූල වූ අතර විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඇය යුක්රේනයට හා ඊශ්‍රායලයට මිලිටරි ආධාර ලබා දීම සම්බන්ධයෙන් ජෝ බයිඩ්න් සමඟ සූදානම් වී සිටියා ය. ආර්ථික සාධාරණත්වය සහ ප්‍රගතිශීලි සමාජ ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරමින් හැරිස්, ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති සමඟ ඇයගේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට උත්සාහ කළා ය.
2024 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා කමලා හැරිස්ගේ ප්‍රචාරණ ව්‍යාපාරය විවිධාකාර වූ ඡන්ද දායකයන් පදනම් කරගනිමින් සිදු කළ අතර ඇයගේ අනන්‍යතාවය, අත්දැකීම් හා දේශපාලන වාතාවරණය උපයෝගී කර ගනිමින් කටයුතු කළා ය. ඇයගේ ප්‍රතිපත්ති ප්‍රධාන වශයෙන් ම තරුණ ඡන්ද දායකයන් හා නාගරික ප්‍රජාවන් ඒකරාශී කර ගැනීමට ඉලක්ක ගත විය. එසේම ග්‍රාමීය හා කම්කරු පංතියේ ජන්ද දායකයන් ඉලක්ක කළ අතර අඩු නියෝජනයක් ඇති කණ්ඩායම් විශේෂයෙන් කාන්තාවන් හා සුළු ජාතීන් වෙතට ළඟා වීමට ඇය ප්‍රමුඛත්වය ලබා දී ඇත. එසේම ඇයගේ ව්‍යාපාරය කුඩා නගරවල හා රිපබ්ලිකන් පක්ෂය සඳහා නැඹුරු ප්‍රදේශවලට ව්‍යාප්ත කළා ය. එසේ කළේ ඩිමොක්‍රටික් පක්ෂයේ ව්‍යාපාර පිළිබඳව විවේචනය කිරීමේ අරමුණිනි.
කමලා හැරිස් ඇයගේ 2024 ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා ඡන්දදායකයන් සම්බන්ධ කර ගැනීමට සහ ඇයගේ ප්‍රතිපත්ති සහ ඇයගේ ආයාචනයන් පුළුල් කිරීමේ අරමුණින් ශක්තිමත් සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් ද සකස් කර තිබුණි. මෙහිදී X (twitter) , instagram, facebook ,tik tok වැනි ප්‍රධාන වේදිකා කෙරෙහි අවධානය යොමු කර තිබුණි. මේ තුළින් කමලා හැරීස් නවීන නායකයකු ලෙස පෙන්වීමට අරමුණු කරගනිමින් ඇයගේ ප්‍රතිපත්ති, වටිනාකම සන්නිවේදනය කිරීමට මෙම නාලිකා උපයෝගී කරගත්තා ය. instragram හා face book තුළින් සෞඛ්‍ය ආරක්ෂණය, ප්‍රජනන අයිතීන්, දේශගුණ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ඇතුළත් දෘශ්‍යමාන වන ආකාරයේ ආකර්ෂණීය අන්තර්ගත බෙදා හරින ලදී. tiktok භාවිතා කරනු ලැබුවේ තරුණ ඡන්දදායකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ය. එහි දී අධ්‍යාපනය, රැකියා උත්පාදනය වැනි තරුණ අභිමුඛ ගැටලු ආමන්ත්‍රණය කිරීමට ඒවා භාවිතා කළා ය.
එසේම නව වෙබ් අඩවියක් සහ kamalaHQ වැනි සමාජ මාධ්‍ය ගිණුම් දියත් කිරීමට කටයුතු කර තිබුණි. එසේම වඩාත් ගතික ප්‍රතිරූපයක් ස්ථාපිත කිරීම සඳහා charli xcx's brat ඇල්බමය වැනි පොප් සංස්කෘතික තේමාවන් පිළිබඳව ද හැරිස්ගේ දේශපාලන ව්‍යාපාරය තුළ අවධානය යොමු කර තිබුණි.
කෙසේ නමුත් අත්දැකීම් බහුල ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන ව්‍යාපාරය හමුවේ කමලා දේවි හැරිස්ගේ දේශපාලන ව්‍යාපාරය අසාර්ථක වූවා යැයි නිගමනය කිරීම තරම් නොවන නමුත් එහි යම් බලපෑමක් එම අසාර්ථකත්වයට තුඩු දුන් බව අපට හඳුනා ගැනීමට පිළිවන.
සැකසුම - තමාලි පතිරාජ, මංජුලා දිසානායක, තිසාරා රාජපක්ෂ
සංස්කරණය - ප්‍රසිලා සඳරුවනි