හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමුගන්නා බව අද මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර සිටියා.
ඔහු එහි දී පැවසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තව දුරටත් තමන්ගේ සේවය අවශ්‍ය නොවන බවට මෙවර පැවති මහ මැතිවරණයෙන් පෙන්නුම් කර ඇති බවයි.
ඒ නිසා තමන් දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කළ බව ඔහු වැඩි දුරටත් පැවසූවා.
"මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ තීන්දුවට මම හිස නමනවා. ඒ අනුව දේශපාලනයෙන් සමුගන්න තීරණය කළා. මාව දේශපාලනයට ගෙනාපු හැම කෙනාටම පෞද්ගලිකවම මම ස්තූති කරනවා. දළදා සමිඳු පිහිටයි."