
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී ඒ බව ප්‍රකාශ කර සිටියා.
මෙහි දී අදහස් දැක් වූ සාගර කාරියවසම් මහතා,
"මේ ජනවරම අපි පිළිගන්නවා. අපිට දිස්ත්‍රික් මට්ටමින් මන්ත්‍රී ධුර 02ක් සහ ජාතික ලැයිස්තුවේ එක් මන්ත්‍රී ධුරයකුත් හිමිවෙලා තිබෙනවා."