ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ සිදු කළ විශේෂ මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සිය භාරයට ගත්බව නාවික හමුදාව දැනුම් දී තිබෙනවා.
ශ්‍රී ලංකාවට බටහිර දෙසින් නාවික සැතපුම් 110ක් (කි.මී. 200ක්) පමණ ගැඹුරු මුහුදේ දී මෙම විශේෂ මෙහෙයුම ඊයේ දින සිදු කර තිබුණා.
මෙහි දී නාවික හමුදාව විසින් සැකකරුවන් පස් දෙනෙකු සිය භාරයට ගෙන ඇති අතර එම බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 40ක පමණ තොගයක් ඇති බවට නාවික හමුදාව සැක කරනවා.
එම බහුදින යාත්‍රාව සහ සැකකරුවන් වැඩි දුර පරික්ෂාව සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා නාවික හමුදාව විසින් මේ වන විට ගොඩබිමට රැගෙන එමින් තිබෙනවා.