/
/
title icon ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම දිවයිනට
Editor
3 days ago
Share:
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ තෙවන සමාලෝචනය සඳහා එහි නියෝජිතයින් පිරිසක් අද දිවයිනට පැමිණියා.

නියෝජිත කණ්ඩායමේ සංචාරයෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ සිව්වන වාරිකය ශ්‍රී ලංකාවට නිදහස් කිරීමට නියමිත බව වාර්තා වනවා.

මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා වූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සිව් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම යටතේ මෙරටට හිමිවන සමස්ත ණය මුදල අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක්.

එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 333ක් 2023 මාර්තු 21 වැනිදාද, දෙවැනි වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 337ක් එම වසරේ දෙසැම්බර් 13 වැනිදාද මෙරටට මුදාහැරුණා.

තෙවන ණය වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 336ක් මෙම වසරේ ජුනි මස 12 වනදා හිමිවූ අතර ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මේ වනවිට අමෙරිකානු ඩොලර් බිලියනයකට වැඩි මුදලක් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required