ජාතික ජන බලවේගයේ නව රජයේ අමාත්‍ය මණ්ඩලය හෙට දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ඊට අමතරව හෙට දිනයේදී නියෝජ්‍ය අමාත්‍යවරුන්ද දිවුරුම් දීම සිදුකෙරෙනු ඇති.