10වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ වේලාව සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් 21 දින පෙ.ව.11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිදු කරන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව අද නිවේදනය කළා.
එම දෙපාර්තමේන්තුව මීට පෙර නිවේදනය කර තිබුණේ මෙය 21 වනදා ප.ව. 3ට ජනාධිපතිවරයා විසින් සිදු කරන බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභා වාරයක් ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරිමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ආ) අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත් ජනාධිපතිවරයාට බලතල හිමි වෙනවා.
මෙහි දී සිය ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කරනු ලබයි.
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය එළැඹෙන නොවැම්බර් 21 වනදා පෙරවරු 10.00 ට ආරම්භ කිරීමට නියමිතයි.