මට්ටක්කුලිය වසමේ ඊයේ දින රාත්රී කාලයේ සිදු කළ මුර සංචාරයක දී පැහැර ගෙන යාමක් සම්බන්ධයෙන් පුද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් වයස අවුරුදු 24, 26, 27, හා 32 වයස්වල පසුවන පුදුකුඩිඉරිප්පු, කොටහේන, ඊච්චිලම්පට්රු හා තෝපුර් ප්රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය ප්රකාශ කරේ.
ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේ දී ඊච්චිලම්පට්රු හා තෝපූර් ප්රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනා උතුරු නැගෙනහිර ප්රදේශයේ යම් යම් සිද්ධිවලට සම්බන්ධ 'ආවා' නම් කල්ලියේ සාමාජිකයින් දෙදෙනෙකු බවට අනාවරණය කරගැනීමට හැකි වී තිබෙනවා.
අනෙක් සැකකරුවන් දෙදෙනා ඉකුත් ඔක්තෝබර් මාසයේ ඩුබායි සිට ලංකාවට පැමිණ තිබෙනවා.
ඔවුන් ඩුබායි සිටින පුද්ගලයෙකුගේ උපදෙස් මත ඉහත ‘ආවා’ නම් කල්ලියේ පුද්ගලයින් දෙදෙනාව ත්රිකුණාමලය ප්රදේශයේ සිට මට්ටක්කුලිය ප්රදේශයට ගෙන්වා ගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.
ඉහත ‘ආවා’ නම් කල්ලියේ සාමාජිකයින් දෙදෙනා අන්තර්ජාලය මගින් ඩුබායි සිටින පුද්ගලයෙකුට ‘Tik Tok’ මගින් බැන, තර්ජනය කර ඇති බවට අනාවරණය කර ගෙන තිබෙනවා.
එම හේතුව මුල් කරගෙන මෙම සැකකරුවන් දෙදෙනාව කාන්තාවක් මාර්ගයෙන් උපක්රමශීලිව මට්ටක්කුලිය ප්රදේශයට ගෙන්වා පහර දී විඩියෝගත කර ඩුබායි සිටින පුද්ගලයෙකුට පෙන්වා ඇති බවට මොවුන්ගේ දුරකථන විශ්ලේෂණයේ දී අනාවරණය වී තිබෙනවා.
මට්ටක්කුලිය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවයි ප්රකාශ කර සිටියේ.