/
/
title icon
වේගයෙන් පැතිර යන උණ රෝගයක් හේතුවෙන් හමුදා කඳවුරක් නිරෝධායනයට
වේගයෙන් පැතිර යන උණ රෝගයක් හේතුවෙන් හමුදා කඳවුරක් නිරෝධායනයට
Presila Sandaruwani
3 months ago
Share:
වේගයෙන් පැතිර යන උණ රෝගයක් හේතුවෙන් හමුදා කඳවුරක් නිරෝධායනයට

මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සෙබළුන් පිරිසකට උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් කඳවුරේ සෙබළුන් කඳවුර තුළ ම නිරෝධායනය කිරීමට කටයුතු කොට තිබෙනවා.

කඳවුරේ සෙබළුන් 25 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට මෙම උණ රෝගී තත්ත්වය වැළඳී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

උණ රෝගයට ගොදුරු වු සෙබළුන් පිරිසක් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් එක් සෙබළෙකු IDH රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව සඳහන්.

කඳවුර තුළ සිටින තවත් සෙබළුන් 500කට ආසන්න ප්‍රමාණයක් කඳවුර තුළ ම නිරෝධායනය කිරීමට අවශය පියවර ගෙන ඇති බව මන්නාරම ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ සඳහන් කරා.

පසුගිය 11වනදා සිට උණ රෝගය පැතිරී යාම සිදු ව ඇති බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required