ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක් අද පවත්වනු ලැබුවා.
එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
මෙහිදී ජනාධිපතිවරයා ජනතා ගැටලු විසඳිය හැකි සහ මහජන විශ්වාසය ස්ථාපනය කළහැකි සමබර ප්‍රවේශයක අවශ්‍යතාවය ඉස්මතු කර තිබෙනවා.
ළමා දරිද්‍රතාවය සහ මන්දපෝෂණය විසඳීම, විශේෂ අවශ්‍යතා සහිත අයට සහායවීම, දැඩි ප්‍රතිසංස්කරණ ඔස්සේ දුෂණයට එරෙහිවීම තම අරමුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ට ජනපතිවරයා එහිදී තවදුරටත් දැනුම්දී තිබුණා.
එසේම, ජනවරමට අනුව දූෂණයට එරෙහිව තම රජය කටයුතු කරන බවද මෙහිදී ජනපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නා.