ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වූ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාව නම් කර තිබෙනවා.
කෙසේ වෙතත්, පක්ෂ මහ ලේකම් ශ්‍යාමිලා පෙරේරා අදාළ දැනුම්දීම ලිඛිතව මැතිවරණ කොමිසමට සිදුකර ඇති අතර, මේ පිළිබඳ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හෝ දැනුවත්ව නැහැ.
මේ සමගම ඔවුන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නම් කිරීම අර්බුදයක් වී තිබෙනවා.
ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට හෙට දිනයේදී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නායකයින් රැස්වීමට නියමතයි.
ගෑස් සිලින්ඩරය සලකුණ යටතේ 2024 මහමැතිවරණයට ඉදිරිපත් වූ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ එහිදී ඡන්ද 500,835 හිමි කර ගත් අතර ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 02ක් හිමිවුණා.
අනෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව තේරී පත්නොවූ කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.