රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා කියා සිටියේ අද පෙරවරුවේ සිට ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරතව සිටින බවයි.
රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමිනුයි අනධ්‍යයන කාර්යය මණ්ඩලය මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ.
වර්ජනය සඳහා විශ්වවිද්‍යාල සිසුන්ගේද සහාය හිමිව ඇති බව වාර්තා වනවා.