ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවේ ප්‍රගතිය අද(19) කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ජනාධිපතිවරයා හමුවුයේ ඊයේ(18) පස්වරුවේදී බව සඳහන්. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.
ජනතාවගේ ගැටලු විසඳිය හැකි සහ මහජන විශ්වාසය ස්ථාපනය කළහැකි සමබර ප්‍රවේශයක අවශ්‍යතාවය ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.
ළමා දරිද්‍රතාවය සහ මන්දපෝෂණය විසඳීම, විශේෂ අවශ්‍යතා සහිත අයට සහායවීම, දැඩි ප්‍රතිසංස්කරණ ඔස්සේ දුෂණයට එරෙහිවීම සිය අරමුණ බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ට ජනපතිවරයා එහිදී දැනුම්දී ඇති බව සඳහන්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකමට අදාළ තුන්වැනි සමාලෝචනය පිළිබඳ සාකච්ඡා ඊයේ(18) ආරම්භ වී තිබෙනවා.
ඒ, දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර ය.