මෙවර මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයක් සඳහා එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යොමුකර තිබෙනවා.
ඒ අනුව කොමිසම විසින් ජාතික ලැයිස්තු මන්ත්රීවරයෙකු ලෙස ඔහුගේ නම ගැසට් මගින් ප්රකාශයට පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු ආසන 5 ක් හිමිව ඇති අතර, ඒ සඳහා තවත් සිව් දෙනෙක්ව නම් කළ යුතු අතර, ඒ සඳහා අර්බුදයක්ද හටගෙන තිබෙනවා.