/
/
title icon සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනයට ආණ්ඩුවෙන් තීරණයක්
සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනයට ආණ්ඩුවෙන් තීරණයක්
Editor
14 hours ago
Share:
සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනයට ආණ්ඩුවෙන් තීරණයක්

කෙටිකාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

ඒ අනුව ස්වර්ණ නාඩු සහල් තොගයක් එලෙස ආනයනය කිරීමට නියමිත බව අනාවරණ වුණා.

ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතියද හිමිවූ බව අමාත්‍යවරයා කියා සිටියා.

වෙළෙඳපොළේ පවතින සහල් හිඟය වෙනුවෙන් රජය ගනු ලැබූ තීරණය පිළිබඳ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාදය හමුවේදීයි අමාත්‍ය වසන්ත සමරසිංහ මේ බව සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required