රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන සහ ශිෂ්‍ය සංගම් එක්ව ආරම්භ කළ වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.
කෙසේවෙතත් අදාළ ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමග ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පැවති අතර ඉන් අනතුරුව ඒ පිළිබඳව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්.ප්‍රියන්ත මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා.
තවදුරටත් අදහස් දැක් වු විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ උපකුලපතිවරයා සේවයෙන් ඉවත්කරන තුරු මේ වැඩවර්ජනය කිසිසේත්ම නතර කරන්නේ නැති බවයි.