ගෑස් සිලින්ඩරය යටතේ මෙවර මහ මැතිවරණයට තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කොළඹ මල්පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද පැවති සාකච්ඡාවේදී රවී කරුණානායක මහතා ජාතික ලැයිස්තුවෙන් අනීතික ලෙස පත්කිරිම සම්බන්ධයෙන් එම සන්ධාන පාර්ශවකරුවන්ගේ විශ්වාසය පලුදු වී ඇති බව ඔවුන් ප්‍රකාශ කර තිබුණා.
ඒ අනුවයි ඒ පිළිබඳ ස්වාධින පරීක්ෂණයක් පැවැත්වීම සඳහා තීරණය කර ඇත්තේ.
එම කමිටුවේ සාමාජිකයින් වශයෙන්,
- නීතිඥ කුමාර් දුනුසිංහ මහතා
- නීතිඥ ඉන්දික වේරගොඩ මහතා
- ආචාර්ය විතානගේ මහතා
- කමිටු ලේකම් - නීතිඥ යසස් ද සිල්වා මහතා
පත්කරනු ලැබුවා.
කමිටුවේ පරික්ෂණ වාර්තාව සති 3ක් ඇතුළත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීමට නියමිතයි.