කාන්තාවකගේ ගර්භාෂයේ ඇතිවී තිබූ කිලෝ 10ක පමණ ගෙඩියක් සාර්ථකව ඉවත් කළ පුවතක් කතරගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මෙය සිදු කර ඇත්තේ, ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මහතා විසින්.
ආහාර ගැනීමේ සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති බවට පවසමින් විශේෂඥ වෛද්‍යවරයා හමුවීමට පැමිණි කතරගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙම සැත්කමට භාජනය වී තිබෙනවා.
හම්බන්තොට මහ රෝහලේදී සිදු කළ මෙම සැත්කමට භාජනය වූ වයස අවුරුදු 40 ක් වන කාන්තාව මේ වන විට නිරෝගී සුවයෙන් පසුවන බව සඳහන්.
ගර්භාෂයේ අසාමාන්‍ය ලෙස සෛල වර්ධනය වීම නිසා මේ ආකාරයේ ගෙඩි හට ගැනීම සිදුවන අතර මෙම තත්ත්වය මත උදරයේ ඇති අපහසුතා නොසලකා හැරීමෙන් රෝගියා මිය යෑමට ද ඉඩ ඇති බව විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මහතා සඳහන් කරනවා.