/
/
title icon
නව පාර්ලිමේන්තුවේ කථානායක ධුරය අශෝක රංවලට
නව පාර්ලිමේන්තුවේ කථානායක ධුරය අශෝක රංවලට
Wasana Wickramasingha
3 months ago
Share:
නව පාර්ලිමේන්තුවේ කථානායක ධුරය අශෝක රංවලට

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා තේරී පත් වුණා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ඔහුගේ නම සභාවට යෝජනා කළ අතර එම යෝජනාව අමාත්‍ය විජිත හේරත් විසින් අනුමත කරනු ලැබුවා.

අශෝක රංවල මහතා 2024 මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු වරම් ලැබූ අයෙක් වන අතර ඔහු ලබාගත් මනාප 109,332 ක්.

මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය හිමිකරගෙන ඇති ඔහු, රසායනික ඉංජිනේරුවරයෙක් ද වනවා.

එසේම, මීට පෙර රංවල මහතා ලංකා ඛනිජතෙල් සංස්ථාවේ, සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවය කර තිබෙනවා.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required