/
/
title icon ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු
ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු
Editor
1 week ago
Share:
ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

නඩුවකට සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා.

2016 වසරේ රුපියල් මිලියන 10 බැගින් වූ අගරු චෙක්පත් දෙකක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩග්ලස් දේවානන්ද මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන සුබ්‍රමණියම් මනෝහරන් නමැත්තාට එරෙහිවයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.

නඩුව අද කැඳවූ අවස්ථාවේදී සාක්ෂිකාර ඩග්ලස් දේවානන්ද මහතා සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි අතර, ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බව ඔහුගේ නීතිඥවරයා විසින් දැනුම් දී තිබුණාා. 

කෙසේ වෙතත්, ඒ බව තහවුරු කරන වෛද්‍ය සහතික ඔහු ඉදිරිපත් කර තිබුණේ නැහැ.

ඒ අනුව ඩග්ලස් දේවානන්ද මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මහේස්ත්‍රාත්වරයා විසින් මෙලෙස වරෙන්තු නිකුත් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required