දික්වැල්ල, වලස්ගල ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාලය ආසන්නයේ අද වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසනවා.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 48ක් වූ වලස්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩිතැබීම කවුරුන් විසින් සිදුකළේ ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.